Saturday, May 4, 2024

General line - 0115112241

දින 12ක් තුල කොරෝනා ආසාදිතයින් 9800ක් මරණ 61ක්




අද දිනයේදී මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 940 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් ගණන 832ක් වන අතර සිව් දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇත.

ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 74,056ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 66,984ක් වනවා. අද වන විට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,688ක්.

මෙරට කොවිඩ් -19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 384ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 05ක් සමගයි.

මේ අතර ගතවූ දින 12 ක කාලය තුලදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 61ක් සහ ආසාදිතයින් 9,899 දෙනෙකු වාර්තා වී ඇත. 

ගතවූ මාස 03 ක කාලය තුලදී පිළිවලින් මෙරටින් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ පහත පරිදි වේ. නොවැම්බර් මාසයේ ආසාදිතයින් 17,472ක්, දෙසැම්බර් 18,838ක් සහ ජනවාරි මස 20,696ක් ලෙසයි.