Monday, May 6, 2024

General line - 0115112241

කුලසේකර සහ ධම්මික ප්‍රසාද් යලි ක්‍රීඩා පිටියට




ප්‍රවීන ක්‍රිඩකයන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්”  විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා නුවන් කුලසේකර සහ ධම්මික ප්‍රසාද් එක්වීමට නියමිත බව වාර්තා වනවා. ඉකුත් මාර්තු මාසයේදී කොරෝනා වසංගත තත්වය හේතුවෙන් කල් දැමුණු මෙම තරගාවලිය නැවත වරක් පැවැත්වීමටයි සංවිධායකයින් සැලසුම් කර ඇත්තේ. 

මෙවර තරගාවලිය සදහා ගියවර සහභාගී නොවූ ක්‍රිඩකයන්ද ක්‍රිීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිිකට් ක්‍රිීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර ක්‍රිිකට් විස්තර විචාරකයෙකු වන රසල් ආර්නල්ඩ් ද මෙවර තරගාවලියට එක්වීමට නියමිතයි. මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්” විස්සයි විස්ස තරගාවලියේ පැවැත්වීමට නොහැකි වූ ඉතිරි තරග ලබන මාර්තු 2 වනදා සිට 21 වනදා දක්වා ඉන්දියාවේ රායිපූර්හී දී පැවැත්වීමට නියමිතයි. 

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් නියෝජනය කරමින් ප්‍රවීන ක්‍රීඩකයින් මෙම තරගාවලියට එක්වනවා. සචීන් ටෙන්ඩුල්කාර්, මුත්තයියා මුරලිදරන්, බ්‍රයන් ලාරා, විරේන්ද්‍ර ෂෙවාග්, චමින්ද වාස්, රොම්ෂ් කලූවිතාරණ, තිලකරත්න ඩිල්ෂාන් වැනි සුපිරි ක්‍රිඩකයින් ද මෙම තරගාවලියට එක්වීමට නියමිතයි.