Sunday, May 5, 2024

General line - 0115112241

කිලෝමීටර් 02 ක අභියෝගය ජයගත් කුසල්, භානුක සහ ධනුෂ්ක




තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු අද පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබෙනවා. ඉකුත්දා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ අද පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේදී ඉන් සමත් වුණා.

මෙම ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය සමත්වීමට නම් ක්‍රීඩකයින් කිලෝ මීටර් දෙකක දුරක් මිනිත්තු 08 යි තත්ත්පර 35 ක කාලයකින් දිව යා යුතුයි. ඒ අනුව ධනුෂ්ක ගුණතිලක මිනිත්තු 08 යි තත්ත්පර 23 ක කාලයකින් අදාළ දුර ප්‍රමාණය දිව ගොස් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබෙනවා. භානුක රාජපක්ෂ ඒ සඳහා වැය කර ඇති කාලය මිනිත්තු 08 යි තත්ත්පර 27 ක්.

සිය විවහා මංගල උත්සවයට එක්වීම හේතුවෙන් ඉකුත් දා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට එක් නොවූ කුසල් මෙන්ඩිස් ද අද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට එක්වුණා. ඒ අනුව ඔහු මිනිත්තු 08 යි තත්ත්පර 18 ක කාලයකින් අදාළ දුර ප්‍රමාණය දිව යමින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වී තිබෙනවා.

ඉකුත්දා පැවැති පැවැති යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ කුසල් ජනිත් පෙරේරා ද ඉදිරි දිනකදී යළිත් මෙම පරීක්ෂණය සදහා මුහුණ දීමට නියමිතයි. ආබාධයක් හේතුවෙන් අවිශ්ක ප්‍රනාන්දු පසුගියදා පැවැති යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී නොවූ අතර, ඔහු ද කුසල් ජනිත් සමගින් ඉදිරි දිනකදී ඒ සදහා මුහුණ දෙනු ඇති.