Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සමග ෆ්ලයි ඩුබායි ගුවන් ගමන් යළි අරඹයි

ටී කේ ජී කපිල




කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා නවතා දමා තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සේවය ගුවන් ගමන් අද අලුයම සිට යළි  ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ පළමු ගුවන් යානය ඩුබායි සිට මගීන් 58 දෙනෙකු රැගෙන අලුයම 12.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

එම ගුවන් යානය අලුයම 1.50 ට ගුවන් මගීන් 166 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළෙන් යළි ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකටම දින දෙකක් , එනම් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා අලුයම ඩුබායි සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළා.