Sunday, May 5, 2024

General line - 0115112241

වලංගු වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට




ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයෙකු ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නයිජීරියානු ජාතිකයෙක්. ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ.