Monday, May 6, 2024

General line - 0115112241

දෙවැනිවර PCR පරීක්ෂණය කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි 

අධිකරණ වාර්තාකරු




මියගිය පසු සිදු කළ PCR පරීක්ෂණයකින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ යැයි පවසා සිය පුතුගේ මෘත දේහය නැවත PCR පරීක්ෂාවකට ලක් කරන ලෙස ඉල්ලා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පියකු ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට  අභියාචනාධිකරණය අද නියෝග කළා.
 
අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා ඉදිරිපත් කළ විරෝධතා සැලකිල්ලට ගනිමිනි.
 
මළසිරුර සම්බන්ධයෙන් කළ PCR පරීක්ෂණය දෝෂ සහිත බව තහවුරු කිරීමට පෙත්සම්කරු අසමත් ව ඇති අතර දෙවනි PCR පරීක්ෂණයක් පවත්වන ලෙස කරන ඉල්ලීම පදනම් විරහිත බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මොහොමඩ් ඊබ්‍රාහිම් ලෙබ්බේ මොහොමඩ් හකීම් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා, එහි අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා සෞඛ්‍ය ඇමැතිවරිය ඇතුළු 5 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබුණා.