Monday, May 6, 2024

General line - 0115112241

පොලිස් වෙස් ගෙන කොල්ලකන කණ්ඩායම් වැඩිවෙයි




පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑමේ නිරත වන කණ්ඩායම්වල යම් ප්‍රවණතාවක් දක්නට ඇතැයි පොලීසිය පවසනවා. කොළඹ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් බව පවසමින් කතරගම ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණ, එහි වැඩවසන හිමිනමක් බිය ගන්වා ජංගම දුරකතනයක් සහ වටිනා බුදුපිළිමයක් ඊයේ දහවල් කොල්ලකා ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

පොලීසියට සම්බන්ධ යම් නිලධාරීන් කණ්ඩායම් එලෙස පැමිණියහොත් ඔවුන්ගේ රාජකාරී හැදුනුම්පත ඉල්ලා අනන්‍යතාව තහවුරු කර ගැනීමට ජනතාවට අයිතියක් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සදහන් කළේ. 

මේ අතර ඊයේ දිනයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයින් 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස කරුණු දැක්වූවා.