මෙරටින් ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 518 දෙනාගෙන් වැඩිම පිරිස වන 175 දෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඊට හෝමාගම ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 13 දෙනෙකු හා අවිස්සාවේල්ල මෙන්ම නවගමුව යන ප්‍රදේශවලින් 10 දෙනා බැගින් හඳුනා ගැනුණු ආසාදිතයින් පිරිසක් ද අයත්.
ඊයේ දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 77 දෙනෙකු ද වාර්තා වූ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. ගම්පහ සහ කටුනායක ප්‍රදේශවලින් ආසාදිතයින් හය දෙනා බැගින් ඊයේ දිනයේ වාර්තා වුණා. මහනුවර දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 41 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 21 දෙනෙකුම වාර්තා වුණේ මහනුවර ප්‍රදේශයෙන්.
වාද්දුව ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 17 දෙනා සමගින් කලුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 38 ක්. රත්නපුර දිස්ත්‍රික්කයෙන් 28 දෙනෙකු, නුවරඑළිය, බදුල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින් 13 බැගින් ඊයේ දිනයේ ආසාදිතයින් වාර්තා වූ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.
මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා මරණ 5 ත් සමග කොරෝනා ආසාදිතව මෙරටදී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 450 ක් දක්වා ඉහළ ගියා. මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80,517 ක්. ඉන් පුද්ගලයන් 75,110 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ආසාදිතයින් 4,957 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.