Sunday, May 5, 2024

General line - 0115112241

පාකිස්ථාන අගමැති දිවයිනට පැමිණෙයි 

ටී.කේ.ජී.කපිල - කටුනායක




මෙම වසරේදී දිවයිනට පැමිණි පළමු විදෙස් රාජ්‍ය නායකයා ලෙස පකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද දිවයිනට පැමිණියා. පස්වරු 04 ට පමණ කටුනායක ගුවන් තොටුපළට ළගා වූ පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණියේ 40 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් ද සමගයි.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කටුනායක ගුවන් තොටුපළේදී පකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවා. එම අවස්ථාවට දිනේෂ් ගුණවර්ධන, ජී එල් පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල, ප‍්‍රසන්න රණතුංග, චමල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ඩග්ලස් දේවානන්ද හා නාමල් රාජපක්ෂ ඇතුළු අමාත්‍යවරුන් පිිරිසක් ද එක්ව සිටියා. දිවයිනට පැමිණී පකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළේදී හමුදා උත්තමාචාරයක් පැවැත්වීම ද විශේෂත්වයක්. 

මේ අතර අද පස්වරුවේ අග‍්‍ර‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අතර ද්විපාර්ශවික සාකච්ඡුාවක් පැවැත්වීමට ද නියමිතව තිබෙනවා. ඒ, අරලියගහ මන්දිරයේදීයි. දෙරට අතර ආර්ථික හා වෙළඳ, අයෝජන, කාර්මික තාක්ෂණ, අධ්‍යාපන ඇතුළු ක්ෂේත‍්‍ර කිහිපයක ගිවිසුම් 05 කට ද එහිදී අත්සන් තැබීමට නියමිතයි. අනතුරුව දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන් විසින් ඒකාබද්ධ මාධ්‍ය ප‍්‍රකාශයක් නිකුත් කිරීමට ද නියමිතව තිබෙනවා.