Monday, May 6, 2024

General line - 0115112241

උපූල් තරංග සමුගනියි




වසර 15කට අධික කාලයක් ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ උපුල් තරංග ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඔහු ඒ පිළිබද සිය නිල ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා ඇති අතර උපුල් තරංග සැලකෙන්නේ මෙරටින් බිහි වූ දක්ෂ ආරම්භක පිතිකරුවෙකු ලෙසයි.

 සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන් සමගින් ශී‍්‍ර ලංකා ඉනිම ආරම්භ කළ උපුල් තරංග එක්දින පිටියේදී ශතක 15 ක් සහ අර්ධ ශතක 37 ක් වාර්තා කර තිබෙනවා. ටෙස්ට් ශතක 3ක් සහ අර්ධ ශතක 8ක්ද උපුල්ගේ පිත්තෙන් වාර්තා වුණා.

සමුගැනීම ප‍්‍රකාශයට පත්කරමින් උපුල් තරංග සිය ෆේස්බුක් සටහන මගින් දක්වා ඇත්තේ තමන් ඉහළ මට්මේ සිටින අවස්ථාවේ සහ බැරැරුම් අවස්ථාවලදී තමන් සමග සිටි සියලූ දෙනාට තමන් ස්තුතිවන්ත වන බවයි. උපුල් තරංග 2007 සහ 2011 වසරවලදී කි‍්‍රකට් අනූශූරයන් වූ ශී‍්‍ර ලංකා පිලේ නිත්‍ය සාමාජිකයෙක්.