Monday, April 29, 2024

General line - 0115112241

පළමු වරට SLC නිලවරණයට ස්වාමින්වහන්සේ නමක් නාම යෝජනා භාර දෙයි 




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම අද පස්වරුවේ අවසන් කෙරුණා. එහිදී ෂම්මි පාර්ශවය සහ රණතුංග පාර්ශවය නිලවරණය සදහා නාමයෝජනා භාර දුන් අතර ක‍්‍රිකට් ඉතිහාසයේ පළමු වරට හිමිනමක් ද තනතුරක් සදහා අද නාමයෝජනා භාරදීම විශේෂත්වයක්. ජනාධිපතිවරණ සහ මහමැතිවරණ කිහිපයකට තරග වැදුණු පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් එලෙස අද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති තනතුරක් සදහා නාමයෝජනා භාර දී තිබුණා.

ඒ  වන්නි දිස්ත‍්‍රික්කයේ ශාන්ත අන්තෝනී ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින්. නාමයෝජනා භාර දිමෙන් පසු උන්වහන්සේ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

මෙවර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයේ සභාපති තනතුර සදහා ෂම්මි පාර්ශ්වයෙන් වත්මන් සභාපති ෂම්මි සිල්වා නාමයෝජනා භාර දුන්නා. රණතුංග පාර්ශවයෙන් මෙවර සභාපති තනතුර සදහා නාමයෝජනා භාරදුන්නේ හිටපු උප සභාපතිවරයෙකු වු කේ මතිවානන්. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.