Monday, April 29, 2024

General line - 0115112241

ඉන්දීය අගමැතිගේ නමට වෙන්වූ ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය (PHOTOS)




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන 3 වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය අදයි. දිවා රාතී‍්‍ර ටෙස්ට් තරගයක් ලෙස එම තරගය ඊයේ ආරම්භ වූයේ ලොව විශාලතම කි‍්‍රකට් කී‍්‍රඩාංගණය වූ අහමදාබාද්හි සර්දා පටෙල් කී‍්‍රඩාංගණයේදීයි. පේ‍්‍රක්‍ෂකයින් 132,000 කට තරඟ නැරඹීමේ පහසුකම් පවතින මෙම කී‍්‍රඩාංගණය ලොව විශාලතම කි‍්‍රකට් කී‍්‍රඩාංගණය වනවා. මෙම කී‍්‍රඩාංගණයේ ඊයේ ආරම්භ වූ ඉන්දු - එංගලන්ත 3 වන ටෙස්ට් තරගය එම කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මංගල කි‍්‍රකට් තරගයයි.

තරගයේ සමාරම්භය සදහා ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් එක් වූ අතර මීට පෙර සර්දා පටෙල් ලෙස හැදින් වූ මෙම කී‍්‍රඩාංගණය වත්මන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නමින් මෙහිදී නම් කෙරුණා.

වත්මන් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ගුජරාට් ප‍්‍රාන්තයේ ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ සංකල්පයක් අනුව මෙම කී‍්‍රඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළා.  ලොව විශාලතම දෙවන කී‍්‍රඩාංගණය ලෙසද මෙය සැලකෙනවා.