Sunday, May 5, 2024

General line - 0115112241

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව ලබන 10 වනදා යළි කැදවෙයි 




දෙමටගොඩ ප‍්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින්  පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට  එරෙහිව ගොනු කර ඇති නඩුව මාර්තු මස 10 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ, මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් ඉදිරියේ මෙම නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවලට අනෙකුත් විත්තිකරුවන් හත් දෙනෙකු වරද පිළිගැනීමෙන් පසු ඔවුන්ට අත්හිටවූ සිරදඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය  මීට පෙර නියෝග කළා. ඒ අනූව විත්තිකරුවන් හත් දෙනෙකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවම් වසර දොළහකට අත් හිටුවීමටයි මහාධිකරණය එහිදී නියෝග කර තිබුණේ.

2015 වර්ෂයේ දෙසැම්බර්  21 වනදා තරුණයෙක් දෙමටගොඩ දී පැහැර ගෙන ගොස් පහර දීමට අදාළව චෝදනා 29 යටතේ නීතිපතිවරයා පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට සහ ඇගේ කාර්ය මණ්ඩලයට අයත් සේවකයින් 5 දෙනෙකු ඇතුලූ විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ මෙලෙස අධි චෝදනා ගොනු කර තිබුණා