Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා මෘතදේහ භූමදානයට අවසර දෙන ගැසට් නිවේදනය සූදානම්




කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානයට අවසර දෙමින් අද දිනයේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානයට අවසර ලබානොදීම සම්බන්ධයෙන්  මුස්ලිම් ප‍්‍රජාව ඇතුළු පාර්ශව කිහිපයක් ඉකුත් සමයේ විරෝධතාවලද නිරත වුණා. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ද පාර්ලිමේන්තුවේදී ඉකුත්දා ප‍්‍රකාශ කර තිබුණේ කොරෝනා මෘතදේහ භූමදානයට අවසර ලබාදීමට කටයුතු කරන බවයි.

ඒ අනුව සෞඛ්‍ය අංශවල අවසන් නිර්දේශය නිකුත් කිරීමෙන් පසු මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.  කොරෝනා මෘත දේහ භූමදානයට අවසර ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් අතර සාකච්ඡුාවක් ද අද පැවැත්වුණා. තෝරාගත් ස්ථාන කිහිපයක පමණක් කොරෝනා මෘතදේහ භූමදානය සදහා අවසර ලබාදීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.