Sunday, May 5, 2024

General line - 0115112241

හමුදා සෙබළෙකු ගෑවුණු මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු රැසක් එළියට




යුද හමුදා සෙබළෙකු සහ යුද හමුදාවෙන් පලාගිය ලාන්ස් කෝප‍්‍රල්වරයෙකු සම්බන්ධ වූ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. සැකකරුවන් දෙදෙනා හොරණ ප‍්‍රදේශයේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගැණුනේ රුපියල් කෝටි 45 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් වෑන් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදීයි.

දැනට විදේශ ගතව සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බවට සැක කෙරෙන ප‍්‍රධාන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම හෙරොයින් තොගය සපයා ඇති බව මූලික පරීක්‍ෂවලදී අනාවරණ වී තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ. 

එම සැකකරුවන් දෙදෙනා එම මත්ද්‍රව්‍ය ජාවාරමේ අතරමැදිකරුවන් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළා.

එම මාධ්‍ය හමුවේදී යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක, බි‍්‍රගේඩියර් නිලන්ත පේ‍්‍රමරත්න ද අදහස් පළ කළා.