Sunday, May 5, 2024

General line - 0115112241

වසර අවසානයේදී වාහන ආනයනය ගැන සලකා බලන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් කියයි




වාහන ආනයනය කිරීම සදහා යළි අවසර ලබාදීම සම්බන්ධයෙන් මෙම වසර අවසානයේදි සළකා බලන බව මුදල් හා ප‍්‍රාග්ධන වෙළදපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එම මාධ්‍ය හමුවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස් ආර් ආටිගල ද එක්ව සිටියා.

ඉදිරි ආර්ථික සැලසුම් සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මෙහිදී අදහස් පළ කළා.