Sunday, May 5, 2024

General line - 0115112241

කොවිඩ් මරණ භූමදානය කිරීමේ අවසර හිමි ගැසට් නිවේදනය නිකුත් කෙරේ




කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානයට  අවසර දෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ රාති‍්‍රයේ නිකුත් කෙරුණා. ඒ, නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ දෙවන සහ 03 වන වගන්ති යටතේ සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි විසින්.

නව ගැසට් නිවේදනයට අනුව, කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයෙකුගේ මෘතදේහයක් ආදාහනය කිරීමට හෝ භූමදානය කිරීමට අවසර හිමි වනවා. කෙසේ වෙතත්, කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයෙකුගේ මෘතදේහයක් භූමදානය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධි විධාන අනුකූලව නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක, අදාළ බලධාරියාගේ අධීක්ෂණය යටතේ කටයුතු කළ යුතු බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. 

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය සදහා තාක්‍ෂණික කමිටුව ලබාදුන් අවසරයට අනුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. අදාළ කමිටුව ඒ සම්බන්ධයෙන් ලබාදුන් අවසරය පිළිබ`ද සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි ඊයේ රාති‍්‍රයේ පැවති, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ නායක රැුස්වීමට ද දැනුම් දීමක් කළ බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන පැවසුවා.