Monday, May 6, 2024

General line - 0115112241

සංචරණ සිමා පනවා ඇති චැපල්ටන් වත්තේ පුද්ගලයින් 400ක ගේ PCR පරීක්ෂණ සිදුකෙරේ 

රංජිත් රාජපක්ෂ - හැටන් 




සංචරණ සිමා පනවා ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන චැපල්ටන් වත්තට අයත් පි.එස් කොටසේ පදිංචි වතු කම්කරුවන් 400 ක් අද දිනයේ PCR පරික්ෂණ වලට ලක් කර තිබෙනවා.

සංචරණ සිමා පනවා ඇති චැපල්ටන් පි.එස් කොටසින් මේ වන විට කොවිඩ් -19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර තිබෙනවා.

වයස අවුරුදු 78 ක අසාදිතයෙකු කොවිඩ් -19 වෛරසය අසාදනය විමෙන් සහ නිදන්ගත රෝග හේතුවෙන් පසුගිය දා ජිවිතක්ෂයට පත්වු බවයි බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් පැවසුවේ.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 100 කට අධික සංඛ්‍යාවක් හදුනාගෙන ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කර සිටියා.