Monday, April 29, 2024

General line - 0115112241

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉන්දියාවට විශේෂ ඇගයීමක්




කොරෝනා මැඩලීම සදහා ලෝකයට එන්නත් බෙදාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ වැඩපිලිවෙළ ලෝක සෞඛ්‍ය සංවිධානය යළි ඇගයීමට ලක් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ට්‍රෙඩ්රෑස් අද්හනම් ටිවිටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ  සමානාත්මතාවයෙන් යුතුව ලෝකයට කොරෝනා එන්නත් ලබාදීමට දක්වන දායකත්වයට ඉන්දියාවට සහ අගමැති නරේන්ද්‍ර මෝදිට ස්තුතිවන්ත වන බවයි.

එම වැඩපිලිවෙළ ආදර්ශයට ගෙන කටයුතු කරන්නැයි ලෝක සෙෘඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සෙසු රටවලින් ඉල්ලීමක් ද කර තිබේ.

මෙි වන විට ඉන්දියාව සෘජුව සහ ලෝක සෙෘඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ රටවල් හැටකට වැඩි සංඛ්‍යාවකට කොරෝනා වැක්සීන් ලබාදීමට පියවර ගෙන ඇත.