Monday, April 29, 2024

General line - 0115112241

දුම්වැටියක් ලබා නොදුන්නාට ව්‍යාපාරිකයාට තියුණු ආයුධයකින් පහර දි තුවාල සිදු කරයි

රංජිත් රාජපක්ෂ - හැටන් 




තලවකැලේ නගරයේ ව්‍යාපාරිකයෙකු ගෙන් දුම්වැටියක් ලබා නොදිම නිසා උරණ වු කරණවැමියෙක් එම ව්‍යාපාරිකයාට තියුණු ආයුධයකින් ඇණ ඔහු සතු රුපියල් 60,000ක් පමණ වටිනා ජංගම දුරකථනයට අලාභ හානි සිදු කර ඇති බව තලවකැලේ පොලිසියේ ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු පවසනවා.

ඉකුත් 25 වෙනිදා දින රාත්‍රී 10.00 ට පමණ අධික ලෙස බිමත්ව සිටි තලවකැලේ නගරයේ කරණවැමියෙක් නගරයේ පිහිටි වෙලදසැලකට ගොස් ණය පදනම මත දුම්වැටියක් ඉල්ලා ඇති අතර, ණය පදනම මත දුම්වැටිය ලබා දිමට නොහැකි බව ව්‍යාපාරිකයා විසින් කරණවැමියාට පැවසිමෙන් පසු උරණ වි එම ස්ථානයෙන් බැහැර වු කරණවැමියා තියුණු ආයුධයක් රැගෙනවිත් ව්‍යාපාරිකයාට ඇණ තුවාල සිදු කර ඇති බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.

තුවාල ලැබු ව්‍යාපාරිකයා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් කරණවැමියා නුවරඑලිය දිසා අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් නලින් තිලකා හේරත් මහත්මිය වෙත ඊයේ (26) දින ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැර ඇති අතර යලිත් මෙම නඩුව මැයි මස 04 වෙනිදා දින කැදවිමට නියෝග කළා.

ඇප මත මුදා හැරි සැකකාර කරණවැමියාට මෙම සිද්ධිය පදනම් කරගෙන ඊයේ දින රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින් තලවකැලේ නගරයේදිම පහර දි තුවාල සිදු කර ඇති බවත් අදාල සැකකරු මේ වන විට ලිදුල ප්‍රාදේශීය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවයි තලවකැලේ පොලිසිය සඳහන් කලේ.