Monday, April 29, 2024

General line - 0115112241

පාස්කු ප‍්‍රහාරයේ වගකිම දැරිය යුත්තේ ඒ අවස්ථාවේ රටේ වගකීම් දැරූ පුද්ගලයින් - රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම




පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකීම දැරිය යුත්තේ අදාළ අවස්ථාවේ අදාළ වගකීම් දැරූ පුද්ගලයින් බව රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. එලෙස පැවරෙන වගකීමෙන් මිදීම සදහා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ප‍්‍රතික්ෂේප කිරීම විහිළුසහගත කි‍්‍රයාවක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ. 

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් එම් මරික්කාර් පැවසුවේ පාස්කු ප‍්‍රහාරය අවස්ථාවේ වගකීම් විරහිතව කි‍්‍රයා කළ පුද්ගලයින්ට ද දඩුවම් ලබාදිය යුතු බවයි.