Monday, April 29, 2024

General line - 0115112241

චක‍්‍රලේඛය නිකුත් කරන තෙක් කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩ නැහැ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි




කොරෝනා මෘතදේහ භූමදාන මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පතක් සකස් කිරීමට තීරණය කෙරුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේළ ගුණවර්ධන පවසනවා. කොරෝනා මෘතදේහ භූමදානය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා ඊට අදාළ විද්වත් කමිටුව අද රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගැනුණු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ. 

කොරෝනා මෘතදේහ භූමදානය සම්බන්ධයෙන් අවසන් චක‍්‍රලේඛය නිකුත් කෙරෙන්නේ භූමදානය සඳහා සුදුසු ස්ථාන හඳුනාගැනීමෙන් පසුව බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ සඳහා භූගත ජල මට්ටම් සලකා බලමින් සුදුසු ප‍්‍රදේශ හඳුනාගත යුතු බවත්, අදාළ අවසන් චක‍්‍රලේඛය නිකුත් කරන තෙක් කොරෝනා මරණ භූමදානයට අවසර හිමි නොවන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.