Monday, April 29, 2024

General line - 0115112241

මත්ස්‍ය සම්පත රකින්න ගාළු මුහුදු පතුලට අබලි බස් රථ




මෙරට මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත වර්ධනය කිරීම සහ මාදැල්වලට මත්ස්‍ය පැටවුන් හසුවීම වැළැක්වීමේ අරමුණින් අබලි බස් රථ මුහුදේ ගිල්වීමේ වැඩසටහනක් අද ගාලූ මුහුදු තීරයේදී සිදු කෙරුණා. 

එහිදී ධාවනයෙන් ඉවත් කරන ලද ලංගම බස් රථ 04 ක බඳ කොටස ගාලූ වරායේ සිට නාවික සැතපුම් 04 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ ගිල්වීම සිදු කෙරුණු බවයි ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ.