Monday, April 29, 2024

General line - 0115112241

මුඩිට වගකීම් රැසක් 




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අධ්‍යක්ෂ ධූරය සදහා අලූතින් පත් කෙරුණු  ඕස්ටේ‍්‍රලියානු ජාතික ටොම් මූඩි හට මෙරට කි‍්‍රකට් කී‍්‍රඩාව ඉහළට ඔසවා තැබීම සම්බන්ධයෙන් ප‍්‍රධාන වගකීම් රැසක් පැවරනු ඇතැයි වාර්තා වනවා. ඒ අනුව පුහුණුකිරීම්, දේශිය තරගාවලි, සංවර්ධන කණ්ඩායම්, වයස් කාණ්ඩ ඇතුලූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්බන්ධ සියලූ කරුණු නව අධ්‍යක්ෂවරයා යටතේ සිදු වනු ඇති. 

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහා ක‍්‍රිකට් අධ්‍යක්ෂ තනතුරක් පිහිටුවන්නේ පළමු වරටයි. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ  ඕස්ටේ‍්‍රලියා ජාතික ටොම් මූඩි ඒ සදහා පත් කිරීමට යෝජනා කරනු ලැබ ඇත්තේ අරවින්ද ද සිල්වා ප‍්‍රමුඛ ක‍්‍රිකට් කමිටුව විසින්. ඒ අනුව වසර 3 ක ගිවිසුම්ගත කාලයක් සදහා ඔහු එම ධුරයට පත් කිරීමට ඊයේ තීරණය කෙරුණා. 

ටොම් මූඩි යනු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිල සමග සිටි සාර්ථක පුහුණුකරුවෙක්. 2007 වසරේදි පැවැති ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකාව අනුශූරයින් බවට පත් වූයේද ඔහුගේ පුහුණුකාරිත්වය යටතේයි.