Sunday, April 28, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිත යුවලක් දඹුල්ල රෝහලෙන් පළා යයි 

අශෝක එරමිණිගම්මන - දඹුල්ල




කොරොනා ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීම සදහා දඹුල්ල මූලික රෝහලේ කොරෝනා වාට්ටුවේ තාවකාලිකව රඳවා සිටි යුවළක් ඊයේ රාත්‍රියේ රෝහලෙන් පළා ගොස් තිබෙනවා.

පසුව පොලිසිය විසින් කාන්තාව දඹුල්ල නගරයේ සතිපොල ප්‍රදේශයේදී සොයා ගනිමට හැකිව ඇත. ඇය ලග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යවා අති බව දඹුල්ල සෞඛ්‍ය අංශ පැවසුවේ. පිරිමි පුද්ගලයා මෙතෙක් සොයා ගැනීමට නොහැකිවී ඇත .රෝහලට ලබා දී ඇති ලිපිනය ද ව්‍යාජ එකක් බවයි අනාවරණය වි ඇත්තේ.

කොරෝනා ආසාදිත මෙම පිරිමි පුද්ගලයා වයස 60ක් පමණ වන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ නාටාමිවරයෙක් බවයි පොලිසිය පැවසුවේ.