Sunday, April 28, 2024

General line - 0115112241

කොවිඩ් එන්නත ලබාදෙන අයුරු අගමැති නිරීක්ෂණයට




කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මහජනතාවට කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. එම වැඩසටහන පැවති නාරාහේන්පිටි අභයාරාම විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍යවරයා පුද්ගලයින් 1,200 දෙනෙකුට කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහන එහිදී නිරීක්ෂණය කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යයාලය සඳහන් කළේ.

එන්නත් ලබා දීම, කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් මෙහෙයවනු ලබනවා. බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය සහ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩල ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් එම අවස්ථාවට එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යයාලය වැඩිදුරටත් සඳහන් කළේ.