Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ලෙජෙන්ඩ්ස් පිළ ස්වයං නිරෝධානයට




ඉන්දියාවේ පැවති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සමගින් අවසන් මහා තරඟයේදී ක්‍රීඩා කළ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව්දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමගයි.

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක සචින් ටෙන්ඩුල්කාර්, යූසුෆ් පතාන්, එස් බද්‍රිනාත් සහ ඉර්ෆාන් පතාන් යන ක්‍රීඩකයින් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින්ට ලබන සෙනසුරාදා දක්වා ස්වයං නිරෝධායනයට යොමු වන ලෙසයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ. ස්වයං නිරෝධායන කාල සීමාව අවසන් වීමෙන් පසු එම ක්‍රීඩකයින්ට යළි පී සී ආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

 මේ අතර, ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම ද එක්ව සිටින බංග්ලාදේශයේ පැවැත්වෙන බංගබන්දු ජාත්‍යන්තර කබඩි තරඟාවලියට ද කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ, තරඟාවලියට එක්ව සිටින නේපාල කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගයි.