Monday, May 6, 2024

General line - 0115112241

ප්ලාස්ටික් සහ පොලිතින් වර්ග හතරක් හෙට සිට තහනම්




ප්ලාස්ටික් සහ පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 4 ක් හෙට සිට මෙරට භාවිතය තහනම් වනවා. ඒ අනුව එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතින් හා ප්ලාස්ටික්, පෙට් බෝතල්, මයික්‍රෝණ 20 ට අඩු ලන්ච් ෂීට්, ආහාර සහ ඖෂධ අඩංගු නොවන සැෂේ පැකට් මෙලෙස හෙට සිට තහනම් වනු ඇති.

එමෙන්ම, වෛද්‍ය කටයුතු සඳහා යොදා නොගන්නා කොට්න් බඩ් සහ සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ද එලෙස තහනම් කෙරෙන නිෂ්පාදන අතරට අයත්. හෙට සිට ක්‍රියාත්මක මෙම තහනම සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මෙලෙස අදහස් පළ කළා.