Monday, May 6, 2024

General line - 0115112241

තැපැල් සේවකයෝ ලෙඩ වෙති




තැපැල් සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ, බඳවා ගැනීමේ සම්මත ක්‍රමවේද උල්ලංඝණය වන පරිදි නිලධාරීන් බඳවා ගැනීමට විරෝධය පළ කරමින්. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ ප්‍රධාන සභාපති චින්තක බණ්ඩාර.

මේ අතර, තැපැල් සේවකයින් අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් සියළුම තැපැල් සේවක නිවාඩු අවලංගු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. තැපැල් වෘත්තීය සමිති කිහිපයක් සිදුකරන මෙම ඉල්ලීම සාධාරණ නොවන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ. 

නිවාඩු අවංගු කිරීමට තැපැල් බලධාරීන් ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ ප්‍රධාන සභාපති චින්තක බණ්ඩාර මෙලෙස අදහස් පළ කළා.