Saturday, September 21, 2024

General line - 0115112241

විසිතුරු මසුන් ලංකාව 06 ට ගෙනෙයි




විසිතුරු මත්ස්‍යන් අපනයනය කරන රටවල් අතර ලෝකයේ 06 වන ස්ථානයට පැමිණීමට ශ‍්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනවලට යුරෝපය විසින් පනවා තිබූ තහනම ඉවත් කරවා ගැනීමට හැකිවීමද ඊට බලපෑ බවයි ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ.

මීට පෙර විසිතුරු මත්ස්‍යයන් අපනයනය කරන රටවල් අතර ශ‍්‍රී ලංකාව පසුවූයේ 11 වන ස්ථානයේයි.

කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති විසිතුරු මත්ස්‍යයන් සහ උපාංග ප‍්‍රදර්ශනයේ සම්මාන ප‍්‍රධානෝත්සවයේදී මෙම අදහස් පළ කෙරුණා.