Saturday, September 21, 2024

General line - 0115112241

ගූගල් ව්‍යාපෘතියේ ප්‍රමාදයට හේතුව කියයි




ගූගල් ව්‍යාපෘතියේ ප‍්‍රමාදයන්ට හේතුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවසරය ලබාදීමේ දී ඇතිවූ ගැටලූ බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹ අද (08) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. එහිදී හෙතෙම වැඩි දුරටත පැවසුවේ බැලූන් එක කඩා වැටීම වැනි විහිළු කතා නිසා එවැනි ප්‍රමාදයක් ඇති නොවුණු බවයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලැබිය යුතු අවසරය මේ වන විට ලැබී ඇතැයිද ඒ අනුව ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සිදු කෙරෙමින් ඇතැයිද අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු කියා සිටියා.