Monday, May 6, 2024

General line - 0115112241

බීමත් රියදුරන් අල්ලන්න සති අන්තයේ විශේෂ මෙහෙයුම්




බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ලබන 10 වනදා සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිසිය පවසනවා. ඒ සඳහා සියළු පොලිස් ස්ථාන වෙත ශ්වසන වායු උපකරණ ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ. 

මේ අතර, ඊයේ දිනයේත් රිය අනතුරුවලින් මරණ 09 ක් වාර්තා වී තිබෙනවා. එම මරණකරුවන් අතර යතුරුපැදිවල ගමන් කළ සිව්දෙනෙකු ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.