Sunday, May 5, 2024

General line - 0115112241

කණගාටුවෙන් යුතුව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනවා - අජිත් මාන්නප්පෙරුම




කණගාටුවෙන් යුතුව පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට තමන් කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සදහා අජිත් මාන්නප්පෙරුමගේ නම මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේ ඊයේ පස්වරුවේයි. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නම්පෙරුම මේ බව කියාසිටියා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අජිත් මාන්නප්පෙරුම දිවුරුම්දීම සිදුවන දිනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායකගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. ඒ සම්බන්ධයෙන් අජිත් මාන්නප්පෙරුම විසින් තමන් වෙත දැනුම්දීමක් කර නොමැති බවයි පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා එහිදී කියා සිටියේ. මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගෙන් ද නෙත් නිවුස් කරුණු විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ බොහෝ දුරට අද දිනයේදී තමන් නව මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම සිදුවිය හැකි බවයි.