Monday, April 29, 2024

General line - 0115112241

වේලිඔයේ සැඩ පහරකට හසුවූ දෙදෙනෙකු අතුරුදන් - තවත් යුවළක් ප්‍රදේශවාසීන් බේරාගනී




හල්දුම්මුල්ල කළුපහන ප්‍රදේශයේදී වේලිඔයේ සැඩ පහරකට හසුව පිය - පුතු දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. එම සැඩ පහරට හසුව සිටි යුවළක් ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් යොදා බේරාගෙන ඇති බවයි හල්දුම්මුල්ල පොලිසිය පැවසුවේ.

සැඩ පහරට මැදිව ගල් පර්වතයකට මුවා වී සිටි එම යුවළ ලී කොට සහ කඹ ආධාරයෙන් බේරා ගැනීමට ප්‍රදේශවාසීන් මහත් වෙහෙසක් දරා තිබෙනවා. එම අනතුරට මුහුණ පා ඇත්තේ අවුරුදු නිවාඩුවට චාරිකාවක් පැමිණි මහරගම පමුණුව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක්. 

වේලිඔය ඉස්මත්තේ පිහිටි ඔහිය ප්‍රදේශයට තද වැසි ඇද හැලීමත් සමග වේලිඔයේ පහළ ජල මට්ටම ක්ෂණිකව ඉහළයාම හේතුවෙන් දිය නාමින් සිටි එම පිරිස සැඩ පහරට හසුව ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.