Saturday, September 21, 2024

General line - 0115112241

‘ශ්‍රීලනිප’ ඇමතිවරුන්ට අග්නි පරීක්ෂාවක් – ගම්මන්පිල




වැට් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝ්ජනය කරන අමාත්‍යවරුන්ට අග්නි පරීක්ෂාවක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ පිවිතුරු හෙළ උරුමය කොළඹ අද (08) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. ජනාධිපතිවරයා මෙම බද්දට විරුද්ධ බව ප්‍රකාශ කර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා නිසා මෙම පනතට සහයෝගය දිය යුතු යැයි අගමැතිවරයා පවසන බවත් ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසුවා.

ඒ අනුව මෙම වැට් බදු ඡන්දය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ගේ සැබෑ නායකයා කවුරුන්ද යන්න පිළිබඳව තීරණය කරනු ඇති බවත් හෙතෙම සඳහන් කළා.

වැට් සංශෝධන පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්දය ලබාදෙන මන්ත‍්‍රීවරුන් මහජනතාවගේ අප‍්‍රසාදයට ලක්වනු ඇතැයිද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.