Monday, April 29, 2024

General line - 0115112241

කහ වැවූ අම්පාරේ ගොවීන් අසීරුතාවක




කහ වගා කළ ගොවීන් සිය අස්වනු විකුණාගත නොහැකිව මේ වනවිට අසීරුතාවන්ට පත්ව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ අම්පාර දිස්ත්‍රික්කයේ නාමල් ඔය ව්‍යාපාරයේ ගොවීන් මෙම ගැටළුවට මුහුණ පා සිටින බවයි. 

මෙම ගැටළුව විසඳීමට රජය වහා මැදිහත් විය යුතු බව ද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.