Monday, April 29, 2024

General line - 0115112241

අකුණු සැර වැදී පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට

දිනසේන රතුගමගේ




දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහගෙන්.

මේ අතර, අකුණුසැර වැදීමෙන් මුලතිව් තන්නිමුරුප්පු තුනේ කණුව ප්‍රදේශයේ කුඹුරු යායක සිටි ගොවීන් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා. වර්ෂාව පැවති අවස්ථාවේ කුඹුරු යායේ ස්ථාන 03 ක සිටියදී එම ගොවීන්ට අකුණුසැර වැදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එලෙස මියගොස් ඇත්තේ මුලතිව් බටහිර කුමුලමුනෙයි ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු සහ 46 හැවිරිදි පුද්ගලයෙක්.