Friday, November 1, 2024

General line - 0115112241

රටක ආර්ථිකය ගොඩ නැගීමේදී සිදුකළ යුතු වැදගත් කරුණක් ගැන ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි




සංවර්ධන ව්‍යාපෘතීන්වල අඩුපාඩු හැකිතාක් අවම කරගනිමින් එම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම රටක ආර්ථිකය ගොඩ නැගීමේදී වඩා වැදගත් වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ පවසනවා. අඩුපාඩු හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘතීන් අත්හැර දැමීම රටක ආර්ථිකයට හිතකර තත්ත්වයක් නොවන බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මහාචාර්ය ජනක් කුමාරසිංහ පෙන්වා දුන්නේ.

කිසියම් ව්‍යාපෘතියක වාසි සහ අවාසි පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කරගනිමින් හැකිතාක් අවාසි අවම කරගැනීමේ වැදගත්කම ද මහාචාර්ය ජනක් කුමාරසිංහ මෙහිදී පෙන්වා දුන්නා.