Monday, April 29, 2024

General line - 0115112241

කුලියාපිටියේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් සඳහා සංචරණ සීමා පනවන්නැයි ඉල්ලීමක් 

දිනේෂ් උපේන්ද්‍ර - කුලියපිටිය




පවතින කොවිඩ් වසංගත තත්ත්වය පැතිරියාම වැළැක්වීමට කුලියාපිටිය නගරය ඇතුළු කුලියාපිටිය සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක් සඳහා අද පස්වරුවේ සිට සංචරණ සීමා පැනවීමට ප්‍රදේශයේ කොවිඩ් මර්ධන කමිටුව විසින් තීරණය කර තිබෙනවා.

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ දී පැවති රැස්වීමේදී එම තීරණය ගත් බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි උත්පල සංකල්ප සඳහන් කළේ.

ඒ අනුව කුලියාපිටිය නගරය, තුම්මෝදර, කනදුල්ල, පහළ විරඹුව හා බටහිර දණ්ඩගමුව යන ප්‍රදේශ අදාළ සංචාරණ සීමාවන්ට යටත් කරන ලෙසට යෝජනා කර ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ.

ඉකුත් සමයේ ජනතාවගේ හැසිරීම හේතුවෙන් මෙසේ යළිත් සංචරණ සීමා පැනවී ඇති බවත් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සහයෝගය දැක්වීමෙන් පමණක් නැවත අදාළ ගම්මානවල සීමා ලිහිල් කිරීමට හැකි වනු ඇති බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සංචරණ සීමා උල්ලංඝණය නොකරන ලෙසට ද මෙහිදී ඔහු ප්‍රදේශයේ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.