Monday, April 29, 2024

General line - 0115112241

විනෝද චාරිකා ගිය වත්තල සහ දිවුලපිටියේ පුද්ගලයින් 52කට කොරෝනා 

ටී.කේ.ජී.කපිල - කටුනායක




අලුත් අවුරුදු සමයේ බස් රථ මගින් විනෝද චාරිකා ගිය දිවුලපිටිය සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් 52 කට අද දින වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න පවසනවා.

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 45 දෙනෙකු බස් රථයකින් නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවකට ගොස් ඇති අතර එයින් 38 දෙනෙකුටම මේ වන විට   කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එසේම වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ද පසුගිය අලුත් අවුරුදු සමයේ බස් රථ මගින් විනෝද චාරිකාවකට සහභාගී වී ඇති අතර, ඒ පිරිස අතුරින් 14 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ අතර ඉදිරි දින වලද  අලුත් අවුරුදු ප්‍රීතිය නිමිත්තෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකම බයිසිකල් ධාවන තරග සහ මැරතන් ධාවන තරග පැවැත්වෙන බවට විශාල පුවරු ප්‍රදේශය පුරා මහජනතාව දැනුවත් කිරීම සදහා සවි කර තිබෙන අයුරු දක්නට ලැබෙන බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලා තුළින් ද අද දිනයේ දී තවත් සේවකයින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.