Monday, April 29, 2024

General line - 0115112241

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ ගතවූ පැය 24 දී වාර්තා වෙයි




නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසුව ලොව රටවලින් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනයේදී පමණක් ලොව රටලින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 88,444 ක්.

ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනා ගැනුණේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 03 කටත් අධිකයි. ඊට අමතරව බ්‍රසිලයෙන් ආසාදිතයින් 71,910 ක් සහ අමෙරිකාවෙන් ආසාදිතයින් 65,000 ක් ඊයේ වාර්තා වුණා. මීට අමතරව තුර්කිය, ප්‍රංශය, ජර්මනිය, ඉරානය සහ ඉතාලිය යන රටවලින් ද සැලකිය යුතු ආසාදිතයින් පිරිසක් ඊයේ වාර්තා වුණා. 

මේ අතර කොරෝනා වෛරසයේ ආරම්භයෙන් පසුව ලොව රටවලින් මෙතෙක් සිදුවූ වූ වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ද ඊයේ දිනයේදීයි. එම සංඛ්‍යාව 14,089 ක් වනවා. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන් වන අතර එම සංඛ්‍යාව 3,157 ක්. ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා මරණ 2000 කට අධිකයි. 

කෙසේවෙතත්, කොරෝනා වෛරසය ආරම්භ වූ චීනයෙන් ගතවු පැය 24 දී වාර්තා වී තිබුණේ ආසාදිතයින් 21 දෙනෙකු පමණයි. චීනයෙන් ගතවූ පැය 24 දී කිසිඳු කොරෝනා මරණයක් වාර්තා නොවීම විශේෂත්වයක්.