Monday, April 29, 2024

General line - 0115112241

සුරාබදු දෙපාර්තමේන්තුව අක්‍රමිකතාවක් පිළිගෙන ඇති බව බුද්ධික පතිරණ කියයි




මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන්  සිදුවිය හැකි අක්‍රමිකතා පිළිබද පාර්ලිමෙන්තුව තුළදී තමා අනාවරණය කළ බොහොමයක් කරුණු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන ඇති බව මාතර දිස්ත්‍රීක්  පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසනවා.

මෙම කාරණාවට අදාලව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් උපුටා දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කලේ මත්පැන් බෝතල් මත ස්ටිකර් කේත ඇලවීම සම්බන්ධයෙන් පවතින අක්‍රමිකතා රැසක් පිළිබද තමා අනාවරණය කළත් සුරාබදු දෙපාර්තමෙන්තුව එම නිවේදනය මගින් පිළිතුරු දී ඇත්තේ අදාල ස්ටිකර් කේතය ජනතාවට ජංගම දුරකථන මගින් කියවීමට නොහැකිය යන කාරණාව පිළිබදව පමණක් බවයි.

පාර්ලිමේන්තුව තුළ සිය කතාවේදී මෙම කටයුත්තට අදාල ටෙන්ඩර් පටිපාටියේ අක්‍රමිකතා,දූෂණ චෝදනා එල්ලවූ සමාගමකට මෙම ගනුදෙනුව ලබාදෙන්නේ කෙස්ද වැනි කරුණු රැසක් පිළිාබද තමා ප්‍රශ්න කළ බවයි.

එහෙත් සුරාබදු දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මගින් ඒ කිසිදු කරුණක් පිළිබද පිළිතුරු නොදීම තුළ ඔවුන් ඒවා පිළිගෙන ඇති බවට තමා විශ්වාස කරන බව ඔහු සදහන් කළා.විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු මේ අදහස් පළ කර සිටියා.
එහිදි වැඩි දුර අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කළේ මත්පැන් බෝතල් මත ස්ටිකර් හෝ කේත මුද්‍රා තැබීම තුළ විශාල ජාවාරමකට පසුබිම නිර්මාණය වන බවයි.ඊට හේතු වී ඇත්තේ නිසි පටිපාටියෙන් තොරව මෙම ටෙන්ඩරය ලබාදී ඇති MSP (Madras Security Printers) ඉන්දියානු ආයතනය ඉන්දියාව තුළ ද අසාදු ලේඛණ ගත වී ඇති සමාගමක් බවයි.

එමෙන්ම  මත්පැන් නිෂ්පාදන සමාගම් සමග එක්ව සිදු කළ බරපතල වංචාවන් නිසා  එරට ප්‍රමිති ආයතන නිළධාරින් , මෙම සමාගමේ ප්‍රධානියා ඇතුළු 17 කු කෙන්යාවේදී  අත් අඩංගුවට පත් වී ඇතැයි ඔහු පවසනවා.ඔහු පවසන්නේ ශත 25 ක් වැයවන එක ස්ටිකරයක් වෙනුවෙන් රුපියල් දෙකක මුදලක් වංචා සහගතව අයකරගන්නා බවයි.

මසකට ලංකාව තුළ මත්පැන් බෝතල් මිළියන 04 ක ප්‍රමාණයක් පාරිභෝජන කරන අතර මේ අනුව මෙම ඉන්දියානු සමාගමට වසරකට රුපියල් බිලියනයක මුදලක් වංචා කරන්නට මුදල් අමාත්‍යාංශ සහ සුරාබදු දෙපාර්තමේන්තු නිළදාරින් ඉඩ සලසා ඇති බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ අදාල නිළධාරින් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අජිත් නිවාඩ් කබ්රාල් මහතා නොමග යවා මෙම දූෂිත ව්‍යාපෘතිය සදහා අනුමැතිය ලබාගෙන ඇති බවයි.සිය යහපාලන රජට සමයේ යෝජනා කළ දූෂිත ව්‍යපෘතියක් වන මෙය නව රජය මගින් ද ක්‍රියාත්මක කිරීම පිළිබද තමා විමතියට පත්වන බව ද ඔහු සදහන් කළා.