Sunday, May 5, 2024

General line - 0115112241

චීනය ඕස්ට්‍රේලියාව සමග ඇවිලෙයි




එක් තීරයක් එක් මාවතක් හෙවත් බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනීෂියේටිව් වැඩසටහ⁣න යටතේ එළඹි ගිවිසුමක් අහෝසි කිරීමට ඕස්ට්‍රේලියාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් චීනය සිය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ චීන තානාපති කාර්යාලය සදහන් කර ඇත්තේ මෙම ක්‍රියාව කුපිතකරවන සුලු සහ අසාධාරණ එකක් බවයි.

මෙමගින් ඕස්ට්‍රේලියාව තමන් සමග හොද සබදතාවයක් පවත්වාගනයාමට සූදානම් නැති බව පෙන්වා දී ඇතැයි සදහන් කරන චීනය එය අහිතකර ප්‍රතිඵල උදාකරනු ඇති බවටද අනතුරැ අගවා තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය සහ චීනයේ ජාතික සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කොමිසම අතර එක් තීරයක් එක් මාවතක් වැඩ සටහන යටතේ 2018 සහ 2019 වර්ෂවල ඇති කරගෙන තිබූ ගිවිසුමක් අහෝසි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කිරීම චීනයේ මෙම විරෝධයට හේතුවී ඇත.