Monday, April 29, 2024

General line - 0115112241

පාපන්දු මගඩි ගැන කෝප් කමිටුවේදී අනාවරණ රැසක් (VIDEO)




ශ්‍රී  ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ඇතුළු නිලධාරීන්ට ලබන මැයි මස 6 වනදා යළිත් පැමිණෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව නියෝග කර තිබෙනවා. ඉකුත් 22 වනදා එම නිලධාරීන් කෝප් කමිටුවට කැඳවා තිබූ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා ඊට සහභාගි නොවීම හේතුවෙන් මෙම රැස්වීම අත්හිටුවීමටයි කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පියවර ගත්තේ.

පාපන්දු සම්මේලනයේ විධායක සභාවට ඡන්දයෙන් සාමාජිකයින් දස දෙනෙකු පත් කළද සභාපතිවරයා විසින් තවත් සාමාජිකයින් 18 දෙනෙකු පත් කිරීම සිදුකරන බව මෙහිදී අනාවරණ වුණා. මෙය විශාල ගැටළුවක් බව පෙන්වා දුන් කෝප් කමිටුව සදහන් කළේ මෙය සම්මේලනයේ ව්‍යවස්ථාව අනුව සිදුවුවද මේ සදහා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා මැදිහත් විය යුතු බවයි.

ක්‍රීඩා සංගම්වල නිලවරණ පැවැත්වීම සදහා වන නිලවරණ කමිටු ස්ථාපිත කිරීම මෙම සංගම් මගින් සිදුවීම හේතුවෙන් විනිවිදභාවයකින් තොරව එම කටයුතු සිදුවන බව කෝප් කමිටුව මෙහිදී පෙන්වා දුන්නා. පාපන්දු සම්මේලනයේ එළඹෙන නිලවරණය සදහා නිලවරණ කමිටු සභාපතිවරයාට රුපියල් හත් ලක්‍ෂ 50,000 ක මුදලක්ද සෙසු සාමාජිකයන් දෙදෙනාට රුපියල් හය ලක්‍ෂය බැගින් ලබාදී ඇති බවයි මෙහිදී අනාවරණ වුණේ.

මෙය කෝප් කමිටුවේ දැඩි දෝෂදර්ශනයට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් අදහස් පළ කළේ මෙලෙසයි.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්.