Monday, April 29, 2024

General line - 0115112241

දිමුත් කරුණාරත්න 11 වෙනි ටෙස්ට් ශතකය වාර්තා කරයි




සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වන ශතකය වාර්තා කිරීමට නායක දිමුත් කරුණාරත්න අද සමත්වුණා. ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි.

තරගයේ සිවුවන දිනය අද වන අතර පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කඩුලූ 03ක් දැවී ලකුණු 331 ක් ලබා සිටියා. ඒ බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 541ට පිළිතුරු වශයෙන්.

නොදැවී පන්දුවට පහරදෙන නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 139 ක් ලබා සිටිනවා.  ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 74 යි. ලහිරු තිරිමාන්න ලකුණු 58ක් රැස්කළ අතර  ඕෂධ ප්‍රනාන්දු ලකුණු 20කට දැවී ගියා. ඇන්ජලෝ මැතිව්ස් රැස් කළේ ලකුණු 25ක් පමණයි.