Monday, April 29, 2024

General line - 0115112241

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කොල්කටා කණ්ඩායමට කඩුලු 05ක ජයක්




ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගය කඩුළු 5 කින් ජය ගැනීමට කොල්කටා නයිඩ් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 9 ක් දැවී ලකුණු 123 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම පන්දුවාර  16 යි පන්දු 4 කදී කඩුළු 5 කට ලකුණු 126  ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා.

ඔයින් මෝගන් පන්දු 40 කදි ලකුණු 47 ක් රැස් කළා. ඒ, හතරේ පහර 4 ක් සහ එක් හයේ පහරක්ද සමගයි. මෙම ජයග්‍රහණයත් සමග කොල්කටා කණ්ඩායම අයි පී එල් ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයට පත්ව තිබෙනවා.