Monday, April 29, 2024

General line - 0115112241

ජාතික තරුණසේවා සභාව තුළ පැවැත් වු ජාතික කබඩි සංචිතය තාවකාලිකව විසුරුවා හරී




පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජාතික තරුණසේවා සභාව තුළ පැවැත් වු ජාතික කබඩි සංචිතය තාවකාලිකව විසුරුවා හැර තිබෙනවා.

ඒ අනුව එම සංචිතයේ ක්‍රීඩකයන්ට අද සිට අදාළ ආයතනයන් වෙත රාජකාරි සදහා වාර්තා කරන ලෙසයි කබඩි බලධාරීන් දැනුම් දී ඇත්තේ.

ජාත්‍යන්තර කබඩි සම්මේලනය සහ ආසියානු කබඩි සම්මේලනයේ විසින් ඉදිරියට පවත්වනු ලබන ජාත්‍යන්තර තරග කාලසටහනක් නිසි ලෙස  ප්‍රකාශයට පත් කර නැහැ.

එමෙන්ම ශ්‍රි ලංකාව තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කබඩි  අධි අවධානම්  ක්‍රීඩාවක් ලෙස සෞඛ්‍ය අංශ විසින් ලැයිස්තුගත කර තිබීම යන කරුණු සළකා බලමිනුයි කබඩි බලධාරීන් එම තීරණය ගෙන ඇත්තේ.