Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක ගින්නක්




ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි රෝහලක ගින්නක් හට ගෙන තිබෙනවා. අද අලුයම හටගත් එම ගින්නෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සිව්දෙනෙකු මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ගින්නත් සමග පිටවූ දුමාරය අඝ්‍රාහණය වීමෙන් එම රෝගීන් මියගොස් ඇති බව ද මාධ්‍ය වාර්තා සඳහන් කළා. කෙසේවෙතත් එලෙස මියගොස් ඇත්තේ කොරෝනා ආසාදිතයින් ද යන්න මෙතෙක් තහවුරු කර නැහැ. ගින්න හටගැනීමත් සමග රෝහල තුළ සිටි අනෙකුත් රෝගීන් ආරක්ෂිතව වෙනත් රෝහල් වෙත මාරු කර යවා තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.