Tuesday, April 30, 2024

General line - 0115112241

සෞඛ්‍ය උපදෙස් නොතකමින් වතුකරයේ මැයි දින සැමරුම්




සෞඛ්‍ය උපදෙස් නොතකමින් මැයි දින සැමරුම් උත්සව කිහිපයක් අද දිනයේ වතුකරයේ ස්ථාන කිහිපයක පවත්වා තිබෙනවා. එම මැයි දින සැමරුම්වල දර්ශණ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද පල කර තිබුණා.

මේ අතර තලවකැලේ ලිදුල මට්ටකැලේ වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට සංවිධාන කර තිබූ මැයි දින සැමරුම් උත්සවයක් ලිදුල පොලිසිය හා එක්ව විසුරුවා හැරීමට මහජන සෞඛඨ පරීක්ෂකවරුන් අද පියවර ගත්තා.

එම මැයි දින සැමරුම  සංවිධාන කල වතු වෘත්තිය සමිති නායකයින් 07 දෙනෙකු දින 14ක් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බවයි ලිදුල සෞඛ්‍යය  වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් පුෂ්පකාන්තන් පැවසුවේ.