Sunday, April 28, 2024

General line - 0115112241

විභාග කල් දමා, ඉන්දියාව වෛද්‍ය හා හෙද සිසුන් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට එක් කරයි




ඉන්දියාවේ වෛද්‍ය සහ හෙද සිසුන් සදහා වූ විභාග කල් දැමීමට  එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ, කොරෝනා වෛරසය ආසාදනය වන පුද්ගලයින්ට ප්‍රතිකාර ලබාදීමේ සදහා ඔවුන් යොමු කිරීමටයි. ඉන්දියාව මේ වනවිට කොරෝනා වෛරස් ආසාදනයට එරෙහි ලොව විශාලතම සෞඛ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක වන රට ලෙසයි හැදින්වෙන්නේ.

මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දෙලක්‍ෂ 75,543 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉකුත් පැය 24 තුළ එරටින් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන තුන් ලක්‍ෂ 55,828 ක්. මරණ 3,438 ක් එම කාලසීමාව තුළ ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පහලොස් කෝටි හතලිස් එක් ලක්‍ෂ 73,758 ක්. ලොව පුරා වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව තිස් දෙලක්‍ෂ 26,727 ක් වනවා. වෛරසය ආසාදනය වී ලොව පුරා සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව දහතුන් කෝටි පහලොස් ලක්‍ෂ 63,303 ක් වන බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.